අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩේවිඩ් සි. මැක් කැස්ලන්ඩ් විසින් රචිත ලිපි

ප‍්‍රශ්න නොවිසඳෙන විට

2014 ඔක්තෝම්බර් 14 වන දින පරීක්ෂණ අභ්‍යවකාශ යානයක් මොජෙව් කාන්තාරයට කඩා වැටිණ. උප නියමුවා මියගිය අතර නියමුවා ආශ්චර්යවත්ව බේරුණි. පරීක්ෂකයෝ සිදුවූයේ කුමක්දැයි සොයාගත්තෝය. එහෙත් ඊට හේතුව නොදත්තෝය. මේ පිළිබඳ පුවත්පත් සිරස්තලයක් වූයේ "ප‍්‍රශ්නය විසඳී නැත" යන්නය.

ජීවිතය පුරා අපට සෑහෙන පිළිතුරු නොමැති ශෝකයන් හමුවිය හැක. සමහරක් ප‍්‍රතිඵල කාලයක් පැවති ඉතා දැඩි ව්‍යසනයන්ය. අපගේ ජීවිත සහ පවුලේ ජීවිත වෙනස් කරන අනික්වා…

අල්ලාගෙන ඉන්න

ටෙක්සාස්හි ගොවිපොළක හැදුණු වැඩුණු මගේ ගොපළු මිත‍්‍රයෙකුට අනගි කියමන් කිහිපයක් තිබේ. මා කැමතිම එක් කියමනක් නම් "හොඳ කෝපි හදන්න වැඩිය වතුර යන්නේ නැහැ" යන්නය. එසේම තමාට පාලනය කර ගැනීමට බැරි හරකෙකුට කව්රුන් හෝ කඹයක් දැමූ විට, නැතිනම් වෙනත් ගැටළුවකට මැදිව සිටින විට මාගේ මිත‍්‍රයා "ඔබට ඇති සියල්ල අල්ලා ගන්න!" යනුවෙන් කෑ ගසයි. එහි අර්ථය "උදව් මඟ එනවා, අත්හරින්න එපා!" යන්නයි.…

උන්වහන්සේගේ සියලු වරප‍්‍රසාද

ජීවිත ගමනේදී අපට නිතර ඇතිවන අසීරුතාවයක් නම් අපට දැනට අවශ්‍යදේ ගැන කනස්සලු වන බැවින් අපට දැනට ඇති දේ අමතක වීමය! ගීතාවලිය 103 පදනම් කොට සෑදුන අනර්ඝ ගීතිකාවක් අපගේ ගීතිකා කණ්ඩායම ගායනා කරන විට මට එය මතක් විය. "මාගේ ආත්මය ස්වාමීන්ට ප‍්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව" (2 පදය). උන්වහන්සේ අපට සමාව දෙන්නාවූ අප සුවකරන්නාවූ අප ගලවන්නාවූ අපට සපයන්නාවූ…

විස්මයජනක පේ‍්‍රමය

තම ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් පසු පැමිණි පළමු නත්තලේදී අපගේ මිතුරිය වන ඩේව්දින් අනර්ඝ ලිපියක් ලියුවාය. ඇය යේසුස්වහන්සේ මෙලොවට ආ විට ස්වර්ගයේ තිබූ තත්ත්වය විස්තර කළාය. "කුමක්ද වන්නේ කියා දෙවියන්වහන්සේ සැම විට දැන සිටි දෙය එයයි" ඇය ලියුවාය. "තුන්දෙනා එක්කෙනෙකු විය. එහෙත් එම අනර්ඝ එකමුතුව අප වෙනුවෙන් බිඳීමට උන්වහන්සේ ඉඩ හැරිය සේක. ස්වර්ගය දෙව් පුත‍්‍රයාගෙන් හිස්විය."

යේසුස්වහන්සේ මෙලොවදී සෙනඟට උගන්වමින් ඔවුන් සුව…

කෙසේද යන්නෙහි වැදගත්කම

බයිබල් විදුහලේ ඉගෙන ගන්නා කාලයේ මාත් මගේ මිත‍්‍ර චාර්ලිත් ලී බඩු සාප්පුවක වැඩ කළෙමු. අප සමඟ අභ්‍යන්තර සැරසිලි කරන්නෙකුද සෑම විට ගමන් කළේය. අප ලී බඩු ලොරියෙන් බාන අතර ඔහු අයිතිකරුවන්ට උපදෙස් දෙමින් සිටියේය. සමහර ගොඩනැගිලි වල තට්ටු තුන හතර ඉහළට භාණ්ඩ රැගෙන යාමට අපට සිදුවිය. චාර්ලි සහ මා කල්පනා කළේ එ් වෙනුවට සැරසිලි කරන්නාගේ රැකියාව අපට තිබුණා නම් හොඳය…

නත්තල කුමක් ගැනද?

වසර 50කට වැඩි කාලයකට ඉහතදී "චාර්ලි බ‍්‍රවුන්" කාටූනයේ නත්තල් වැඩසටහන පළමුවරට ඇමරිකානු රුපවාහිනියේ ප‍්‍රචාරය විය. සමහර රුපවාහිනී ජාලයන් සිතුවේ එය සෙනඟ ගණන් නොගෙන සිටීවි කියාය. තවත් සමහරු බයිබල් පද භාවිතය ප්‍රේක්ෂකයන් වැරදියට තේරුම් ගනීවි කියා කීවෝය. නත්තල් කතාව ඉවත් කරන්න යැයි සමහරු එහි නිර්මාතෘ චාර්ල්ස් ෂූල්ට්ස්හට කිය. ෂූල්ට්ස් කීවේ එය පෙන්විය යුතු බවය. වැඩසටහන ඉතා සාර්ථක විය. 1965 සිට අද…

නමක අර්ථය

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව අප‍්‍රිකාවේ බොහෝ රටවල දරුවන්ට නම් තබන්නේ දෙමව්පියන්හට විශේෂිතවූ සුප‍්‍රසිද්ධ අමුත්තෙකු, විශේෂ සිද්ධියක් හෝ අවස්ථාවක් අලලාය. රෝගය සුවකළ නොහැකියැයිද දරුවා ජීවත් වේදැයි දන්නේ දෙවියන්වහන්සේ පමණක් යැයිද එක් ළදරුවෙකු ගැන දෙමව්පියන්හට කියන ලද්දේය. ඔව්හු දරුවාට "දෙවිදනී" කියා නම් තැබුවෝය. තව කෙනෙකුට "ඇති" කියා නම් තබන ලදී. ඊට හේතුව ඔහුගේ මවට දරුවන් 13දෙනෙකු සිටීමයි. ඔහු අවසානයා විය. සියලු දෙනාගේම…

යහපත් ආරංචිය!

අනුග‍්‍රහයේ ත්‍යාගය: ගැළවීම මා වෙනස් කරයි.

"බලව කඳු අතරින් පණිවුඩකරුවෙකු එන්නේය. ඔහු සාමයේ පණිවුඩයක් ගෙනෙන්නේය". - නාහුම් 1:15

අන්තර්ජාලය, රූපවාහිනිය, ගුවන්විදුලිය සහ…

ජීවිතයේ පහත් අඩියක

සී. එස්. ලුවිස් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන වොරන් එංගලන්තයේ වින්යාඩ් නැමති පිරිමි ළමුන්ගේ පාසැලක නේවාසිකාගාරයක දුක් විඳ තිබේ. විදුහල්පති දුෂ්ට පුද්ගලයෙක් විය. ඔහු අන් අයගේ ජීවිත දරාගැනීමට නොහැකි තත්ත්වයට පත් කළේය. දශක ගණනාවකට පසු වොරන් උපහාසාත්මකව ලීවේ "මට වයස දැන් හැට හතරකට ටිකක් වැඩියි. වින්යාඩ් වලට වඩා හොඳයි, කියා සැනසීමට පත්විය නොහැකි තත්ත්වයකට, මා කෙදිනකවත් ඉන්පසු නොවැටුනෙමි." අපගේ ජීවිතයේ…

විශාලතම ත්‍යාගය දිනීම

මිනිස් උත්සාහයන්ගේ සෑම ක්ෂේත‍්‍රයකම පිළිගැන්ම සහ සාර්ථකත්වය ලෙස සැලකෙන එක් උච්චතම ත්‍යාගයක් ඇත. ඔලිම්පික් රන් පදක්කම්, ග‍්‍රැමී ත්‍යාගය, ඇකඩමි ත්‍යාගය සහ නොබෙල් ත්‍යාගය "උසස්ම ත්‍යාග" අතර වේ. එහෙත් ඕනෑම කෙනෙකුට දිණිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගයක් ඇත.

ප‍්‍රථම සියවසේවූ මලල ක‍්‍රීඩා උත්සවයක් ගැන පාවුල් දැන සිටියේය. ත්‍යාගය දිනීම සඳහා තරඟකරුවෝ පූර්ණ උත්සාහය දැරුවෝය. එය සිතෙහි තබාගෙන ඔහු පිලිප්පියේ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් කණ්ඩායමකට ලීවේ…